දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් දශ ලක්ෂයකට අධික පිරිසක් විපතට පත්ව සිටිති.
මේ හේතුවෙන් එ් පිළිබඳව අවධානය යොමු කරන ලෙසට මෛත්රීපාල සිරිසේන මහතාට සම්බන්ධ නීතිඥවරුන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතාගේ අවධානය යොමු කර තිබේ.
විපතට පත්වූ ප්රදේශවල දිසාපතිවරුන් හමුවීමටද කොමසාරිස් තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මැතිවරණය කල් දැමීමට සන්ධාන පාර්ශ්වයෙන් එකඟත්වයක් නැත.
විපතට පත්වූ ප්රදේශයන්හි ඡන්ද පත්රිකා බෙදීම අපහසුවී ඇත.