තමන් ජනාධිපති වූ පසු වංචාව, දූෂණය, නාස්තිය ගැන රට තුළ විශේෂ කතාබහක් ඇතිවූ බවත්, මීට අමතරව රටවල් දියුණු වූ ආකාරය ගැන කතාබහක් ඇතිවී තිබෙන බවද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ගෙවීගිය දෙවසරක කාලය තුළදී රටේ ආර්ථිකය, දියුණු කිරීමට සමාජය දියුණුව ඇතිකිරීමට විශාල වැඩකොටසක් සිදුකර තිබෙන බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
මේ නිසා මාතෘභූමිය ගොඩනැගීමට දේශපාලනඥයන්, රාජ්ය නිලධාරීන් හා මහජනතාව අවංක වූ කැපකිරීමක් සිදුකළ යුතු බවද අද (26දා) පැවැති රේගු දින සැමරුමේදී හෙතෙම සඳහන් කළේය.