ජනපතිට හා අගමැතිට සිතාසි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන දෙසැම්බර් මස 04දා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (17දා) දැනුම් දුන්නේය.
පසුගිය ජනපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලද එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඒ බව දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි දීමට රාජකාරීමය හේතූන් මත අද (17දා) දින අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලබන දෙසැම්බර් 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට විනිසුරුවරයා දැනුම් දුන්නේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අධිකරණයේ පෙනී සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

