ජාතික ආණ්ඩුවේ පළමු වසර සැමරුමේදී ජනිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අලුත් පක්ෂයක් නිර්මාණය කළහොත් මෙතෙක් හෙළි නොකළ රහස් හෙළි කරන බව පැවැසූ බවත් පක්ෂයක් නිර්මාණය කළද නොකළද එම රහස් හෙළිකරණ ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා කියයි.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. "අපිත් ඉන්නේ ඔය රහස් හෙළි කරනකම් තමයි. එතුමන් කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගාව ඩොලර් බිලියන 18ක් සගවා තියෙනවාලු. රුපියල්වලින් නම් ට්‍රිලියන 2.7ක්. මේ මහා මුදල සොයාගත්තොත් අපිට දේශපාලන කටයුතුත් ලේසියන් කරන්න පුළුවන්. තියෙන තැන නම් සිරිසේන ජනපතිතුමන් දන්නවා නමුත් එය සගවගෙන ඉන්නේ එතුමන්. අපි හිතන විධියට පක්ෂයක් හදන එකයි සොරකම් අල්ලන එකයි අතර සම්බන්ධයක් තිබෙන්න බෑ.
ජනාධිපතිතුමා මේ කියන්නේ මොකද්ද? තමන් කියන විධියට ඉන්නවා නම් සොරකම් පිළිබඳ රහස් රැකීමට තමන් කටයුතු කරන බවයි. සොරකමක් ගැන තමන් දන්නවානම් එය ගැන දන දැනත් කරුණු සැගවීම සොරකමට අනුබල දීමේ වරද කළා වෙනවා.පුජිත ජයසුන්දර මැතිතුමන් නීතිය නවල සිරිසේන මහත්තයව ඇතුලට දාන්න කලින් ඔය රහස් ටික එළියට දාන්න කියල අපි එතුමන්ගෙන් ඉල්ලා සිටිනවා."