ජපානයේ නිල සංචාරයක් සඳහා එක්වෙන ලෙසට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට ජපාන අග්රාමාත්ය සින්ෂෝ අබේ මහතා නිල වශයෙන් ආරාධනා කර තිබේ.
දිවයිනට පැමිණ සිටින ජපන් රජයේ ආර්ථික සහයෝගිතාවය පිළිබඳ විශේෂ නියෝජිත ඊයේ (01) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ජපාන අග්රාමාත්යවරයාගේ නිල ආරාධනය ජනපතිට බාර දී ඇත.
මෙහිදී අදහස් දක්වා ඇති නියෝජිත පිරිස පවසා ඇත්තේ ශ්රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපන් රජය අඛණ්ඩ සහය ලබාදීමට සූදානම් බවයි.