පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මහින්ද රාජපක්ෂ මහතාට වටින්නේ රට නම් රට ගැන සිතා ඉල්ලා අස්වන ලෙස නව ජාතික පෙරමුණේ නායක ජේ. කණ්ඩම්බි මහතා පැවසීය.
ඒකාධිපතිවාදයට එරෙහිව අද වනවිට පක්ෂ සියල්ල ඒකරාශි වී ඇති බැවින් තම පෙරමුණද මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව කණ්ඩම්බි මහතා අද (04දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.