තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්රකාශ ලබාදෙන ලෙසට ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය ඉල්ලා සිටි බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා සඳහන් කළේය.
මෙම ඉල්ලීමට අනුව අදාළ තොරතුරු ලබාදෙනවාද, නැද්ද යන්න මේ මස 17 වැනිදා වනවිට දන්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු කීය.
මීට අමතරව තොරතුරු දැනගැනීමේ පනතට අනුව දින 14ක කාලයක් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ලබාගත හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
එම කාලයතුළදීත් වත්කම්, බැරකම් ප්රකාශ ලබාදීමට කටයුතු නොකළහොත් තොරතුරු දැනගැනීමේ කොමිසමට පැමිණිලි කරන බවද විධායක අධ්යක්ෂවරයා සඳහන් කළේය.
වත්කම් බැරකම් පනත යටතේ එම සංවිධානය විසින් දැනටමත් පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගෙන් 50%ක වැඩි ප්රමාණයක වත්කම බැරකම් ලේඛන ලබාගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.