ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද සටන වෙනුවෙන් තවත් ඉන්දියාවේ බොලිවුඩ් නළු නිළියන් පස්දෙනෙකු එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජැකලින් ෆර්නැන්ඩස් හා සල්මාන් ඛාන් අද (29දා) ජනපතිගේ ඡන්ද සටනට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් සන්ධාන පාර්ශ්වයෙන් ඒ බව තහවුරු කර නොතිබුණි.
මීට අමතරව ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ සමාජ මාධ්‍ය හැසිරවීමේ ප්‍රධානතම ක්‍රියාකරුවෙකු වන අරවින්ද් ගුප්තාද ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද සටනට සක්‍රීය දායකත්වය ලැබී ඇති බව වාර්තා වෙයි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද සටනේ සමාජ මාධ්‍ය හැසිරවීම මේ වන විට ඔහු විසින් සිදුකරන බවත් සඳහන් වෙයි.
ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි