ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝනොවන රෝග පාලනය කිරීම සඳහා වූ ප්රමුඛ පෙළේ ස්වාධීන කොමිසමක සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එවැනි සම සභාපති ධුර 05ක් පිරිනමා ඇති අතර, පින්ලන්ත ජනාධිපතිවරයා, උරුගුවේ ජනාධිපතිවරයා, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය හා පාකිස්තානයේ විශ්‍රාමික අමාත්‍යවරයෙකුට මෙම සම සභාපති ධුර පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් සම සභාපති ධුරයේ සියලු වගකීම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පවරා ඇත.
තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා බෝනොවන රෝග පාලනය කිරීම වෙනුවෙන් ප්‍රායෝගික නිර්දේශ යෝජනා කිරීම මෙම ස්වාධීන කොමිසමට පැවරී ඇති වගකීම වෙයි.