අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වන පාර්ලිමේන්තු විවාදය අද (10දා) පැවැත්වීමට නියමිතය.
අද පෙරවරු10.30ට එම විවාදය ආරම්භ වීමට නියමිතය. ජනපතිගේ ප්‍රකාශයට විවාදයක් අවශ්‍ය බවට විපක්ෂය විසින් කළ ඉල්ලීමක් අනුව මෙම විවාදය පැවැත්වෙයි.