ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන සියලු පොලිස් නිලධාරීන් ඉවත් කර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබේ.
මේ අනුව අද (10දා) එහි පළමු අදියර ලෙස පොලිස් නිලධාරීන් පිරිසක් ජනාධිපති ආරක්ෂක අංශයෙන් ඉවත් කර, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් පිරිසක් එම පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට නියමිතය.
දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති ආරක්ෂක අංශයේ එකම පොලිස් නිලධාරීන් පිරිසක් සේවය කිරීම සහ නව ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අනුව නියෝජ්‍ය පොලිස්පති අජිත් මුණසිංහ මහතා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා ලෙස පත්වනු ඇති බවට %අද^ට වාර්තාවේ.
ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ මහතා ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, ඔහුගේ ස්ථාන මාරු වීමක් පිළිබඳව ඊයේ (09දා) වන විට නිල තොරතුරු වාර්තා නොවිණි.
එහෙත් මේ පිළිබඳව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති ආරක්ෂක අංශයෙන් පොලීසිය ඉවත් කර විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදා ගන්නා බවට තමන් කිසිවක් නොදන්නා බවයි.
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය දා අවස්ථා කීපයක දීම ජනාධිපති ආරක්ෂක අංශයට චොදනා එල්ල වූ අතර පසුගිය අප්‍රේල් 23 වැනිදා ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධව සිටි යුද හමුදා අනු කණ්ඩයද විසිරුවා හැරිණි.
කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය බළකාය දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත පොලිස් නිලධාරීන්ගෙන් සමන්විතය. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ප්‍රභූ ආරක්ෂාව, හදිසි අවස්ථා වලට මුහුණ දීමේ විශේෂ හැකියාව, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥතායෙන් යුතු නිලධාරීන් ලෙස ප්රකටය.