13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයත් සමග විවෘත සාකච්ඡාවකට තමන් සූදානම් බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබේ. එසේම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හමුවීම පිළිබඳව තමන් කනගාටුවෙන් සිටින බවට වාර්තා වන තොරතුරුද ජනපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
මේ මස අගදී ආරම්භවන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමේ සූදානමකින් පසුවන බව ජනපතිවරයා හින්දු පුවත්පතට පවසා තිබේ.
එසේම 2015 වසරේ ජනවාරි මස ජනපතිවරණයක් පවැත්වීමට යාම පිළිබඳව වාර්තා වන තොරුතුරු සම්බන්ධයෙන් ජනපතිවරයා පවසන්නේ තමන් එම වාර්තා බැහර නොකරන බවයි.