තෙදින බංග්ලාදේශ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිමෛත්රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබුල් හසන් මහමූද් අලි මහතා අතර හමුවක් අද (13දා) පස්වරුවේ ඩකා නුවර Sonargon හෝටලයේදී පැවැත්විණි.
අමාත්‍ය රවි කරුණානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මොහොන් ලාල් ග්‍රේරු, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පිරිසක් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සමග වූ මෙම හමුවට එක්වූහ.