ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩ වැඩපිළිවෙළක් ලෙස කඩිනමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණදීම සඳහා වැව් ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය වඩා ශක්තිමත් කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ නිලධාරින් සමග අද (18දා) පෙරවරුවේ පැවති හමුවේදීය.
මහවැලි සංවර්ධන හා පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස හදිසියේම ඊයේ එම අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්ෂණය කළ අතර, අනතුරුව එම ශ්‍රවණාගාරයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්විය.