පාකිස්තානු කණ්ඩායම පරාජය කරමින් ශ්රී ලංකා කණ්ඩයම ලබාගත් ජයග්රහණය පිළිබඳව ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් ශ්රී ලංකා කණ්ඩායම වෙත එක්කර තිබේ.
මහනුවර ඇසළ පෙරහර සඳහා සහභාගීවීමට ජනපතිවරයා මේ වන විට නුවරට ගොස් තිබෙන අතර තරගය නැරඹීමෙන් පසුව ඔහු මෙසේ සිය සුබ පැතුම් එක්කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියටත්, ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ටත් ජනපතිවරයා දුරකතනයෙන් අමතමින් මෙසේ සුබ පැතුම් එක්කර තිබේ.