ජනපති මහින්ද රාජපක්ෂ මහතා විස්මිත මිනිසෙක් බවත් තම ශ්රී ලංකා සංචාරයේ දේශපාලන අරමුණක් නැති බවත් ඉන්දීය සිනමා නළු සල්මන් ඛාන් සඳහන් කරයි.
එසේම ශ්රී ලංකා කලාකරුවන් පිරිසකට කුරුණෑගලදී එල්ලවූ ප්රහාරය පිළිබඳව තමන් නොදැනුවත් බවත් සල්මන් සඳහන් කරයි.
"මීට වසර හතරකට පෙර අයිෆා (IIFA) සම්මාන උලෙළට මම මෙහාට ආවා. නාමල් රාජපක්ෂ හා ඔහුගේ පවුල සමග මම සමීප වුණා. ඉන් පසුව රෙඩ් චිත්රපටය සඳහා මම මෙහාට ආවා. මම මෙහාට ආවේ සුබ සාධන වැඩ සඳහා. මේ තමයි අපි කරන දේ. එහි දේශපාලනයක් නෑ. ජනපති විස්මිත මිනිසෙක්. මීට වසර හතරකට පෙර ශ්රී ලංකාවට ඇවිත් හෝටලයකට යන්න පැය එක හමාරක් ගියා. නමුත් දැන් යන්නේ විනාඩි විස්සයි." යනුෙවන් සල්මන් පවසයි.
ඩේලි මිරර් ඇසුරෙනි