මූල්‍ය අපරාධ කොට්ඨාසයට බය වී ක්‍රිකට් පිටියේ සේවකයන්ගේ කලිසම පවා ගලවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතා පැවසීය.
ඇමතිවරුන්ට වාහන නෙගෙන්වන ලෙස ජනාධිපතිවරයා පවසා තිබුණද, එය නැවතී නොමැති බවත්, අලුතින් වාහන ගෙන්වන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සැකකරුවන් 8කට සම්බන්ධ නඩුවට සහභාගි වෙමින් පසුව මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව පැවසීය.
පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑමට ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට අවකාශ සලසමින් රුපියල් බිලියන 11.4ක් හෝ ඊට ආසන්න මුදලක් රජයට පාඩුකළැයි ඔවුහු චෝදනා ලැබ සිටිති.