අතුරුදන් වී ඇතැයි සැකකෙරෙන ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන රැසක් පිළිබඳව රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
පසුගිය කාලය පුරා පැවැති ජනාධිපතිවරණ කටයුතුවලට යොදාගැනීමට මෙම වාහන ගෙන ඇති අතර, එම වාහන කැබලි කිරීමේ සූදානමක් තිබෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත.