ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවක් මත රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13දා) රාත්‍රියේ ෆියුමිසිනෝ ( Fiumicino) ගුවන්තොටුපළට ළගාවූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ගුවන් තොටුපළට ළගා වූ ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය වතිකානුවේ නිල ධූරාවලි ප්‍රධානී ජෝස් ඛෙටර්න්කෝට් (Jose Betterncourt ) ඉතාලියේ් ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොළ සහ වතිකානුව සදහා වූ තානාපති රවිනාත ආරියසිංහ යන මහත්වරු විසින් ජනපතිවරයා පිළිගෙන තිබේ.
ජනාධිපතිවරයා පිළිගැනීමට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද ගුවන් තොුටපළට පැමිණ සිටි බවත් මෙම සංචාරය සදහා අමාත්‍ය ජෝන් අමතුංග, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු එක්ව සිටින බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.