දෙහිවල සරණංකර පාරේ අද (24දා) පෙරවරුවේ පැවැති එ.ජ.නි.ස. ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ රැලියට පැමිණෙන ලෙස දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයන්ට ආරාධනා කර තිබෙන බවට මැතිවරණ කොමසාරිස් වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග මහතා විසින් එම නගර සභාවේ සේවකයන්ට මෙම රැලියට පැමිණෙන්නැයි දැනුම්දීමක් කර ඇති බවට එම පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.
එම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී සමිත නලින්ද රාජපක්ෂ මහතා මෙම පැමිණිල්ල සිදුකර ඇත.
අදාළ අංශ ප්රධානීන් හරහා මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙන බවත්, එම රැලිය සංවිධානය කිරීමේ කටයුතු සඳහා නගර සභා සේවකයන් යොදාගෙන ඇති බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.