ජනපති රටමෙන්ම ජනතාවගේ බඩද පුංචි කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි.ඊයේ (19දා) ජයවඩනගමදී පැවැති මැතිවරණ රැලියක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්රකාශ කළේය.
එසේම කොළඹ-කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැලසුම් සකස් කළේ 1990-1991 එජාප ආණ්ඩු කාලසීමාවේදී බවත් හෙතෙම පැවසීය.