ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16දා) මහනුවර පැවති උත්සවයකට සහභාගී වීම සදහා යන අතරතුර කුඩා දියණියක් මාර්ගය අසළට පැමිණ ජනාධිපතිතුමාගේ නිල රථය ගමන් ගන්නා දෙස ඉතා අසාවෙන් බලා සිටි බව ජනපති මාධ්‍ය අංශය කියයි. එසේම ජනාධිපතිවරයා එම උත්සවය අවසන් වී නැවත එම මාර්ගයේ එමින් සිටියදීත් එම දියණිය මාර්ගය අසළට පැමිණ ජනාධිපතිවරයා ගමන් ගන්නා දෙස බලා සිට ඇත.
මෙය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක නිලධාරීන්ට තම නිල රථය නවත්වන ලෙස උපදෙස් දී දියණිය අසළට ගොස් දියණිය සහ දියණියගේ දෙමාපියන් සමග සුහද කතා බහකද නිරත වූ බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.