එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයකින් තොරව එම සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය අද (28දා) කොළඹදී පැවැත්වේ.
ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් අසලදී පෙරවරු 9.30ට පමණ තරුණ තරුණියන් කිහිපදෙනෙකුට සංකේතාත්මකව ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා, ඉන් පසුව පෙරවරු 10.30 ට පමණ හෙන්ද්‍රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී විශේෂ මහජන රැලියක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කර තිබේ.
මෙම අවස්ථාවට සහභාගී වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර තිබෙන බවත්, හිටපු ජනාධිපතිවරයා පමණක් එයට එක්වන බවත් සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සන්ධාන ආණ්ඩුවක් යටතේ රටේ ඉදිරි පස් වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සමාජ ආර්ථික වැඩපිළිවෙළ මෙහි අන්තර්ගත වන බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28දා) දිනයේදී වැලිඔය ප්‍ර‘දේශයේ ජනතාව මුණගැසීමට සහ කිලිනොච්චිය ප්‍ර‘දේශයේ පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට නියමිතය.
මේ අතර ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය පිළිබඳව කළ විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, තමන්ට එම අවස්ථාවට සහභාගී වන්නැයි දැනුම් දීමක් නොකළ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘යේ මහ ලේකම්වරයා වශයෙන් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්වූ පසු පක්ෂය අගාධයෙන් අගාධයට ගිය බවද ඔහු පැවසීය. එබැවින් පක්ෂයේ කටයුතු අකර්මණ්‍ය වී ඇති බවත්, පක්ෂය ගන්නා තීන්දු තීරණ පිළිබඳව සාමාජිකයන්ට දැනුවත් නොකරන බවත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් මෙම උත්සවයට සහභාගී වනවාදැයි විමසූ බවත්, තමන් එම අවස්ථාවට සහභාගී නොවී රත්නපුර ප්‍ර‘දේශයේ මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන බවට පැවසූ බවත් ජෝන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.