ජපානයේ නිල සංචාරයක් සඳහා නුදුරේදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරට නිල සංචාරයක් වෙනුවෙන් ආරාධනා කර ඇති බවත්, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවත් පැවසෙයි.
ඒ අනුව, පසුගියදා ජපානයේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීම මහතා විසින් ජනාධිපතිවරයා ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් ජපාන අගමැතිවරයා දිනුම්වත් කර ඇති අතර, ඒ අනුව නුදුරේදීම මෙම සංචාරය සිදුවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.