ජනපතිවරණය ඉලක්ක කරගෙන ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (28දා) සහභාගිවීමට තිබූ මහනුවර දිස්ත්‍රික් කිසිඳු රැළියකට එක්නොවන බව ජනපතිගේ ට්විටර් ගිණුම සඳහන් කරයි.
ඒ අනුව ඔහු අද දිනයේදී බඳුල්ල දිස්ත්‍රික්කයේ විපතට පත්වූවන් පිළිබඳව සොයා බැලීමට නියමිතය.
මේ අතර ජලගැලීම් වලින් විපතට පත් ගොවින් සඳහා බීජ වී සහ අනෙකුත් අවශ්‍ය සැපැයුම් ලබා දෙන ලෙස ජනපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.