මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සියලු පළාත් මහ ඇමතිවරුන් අතර සාකච්ඡාවක් ජනපති ලේකම් කාර්යාලයේදී අද (10දා) මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11.30ට පමණ) ආරම්භවිය. අයවැයට විරුද්ධව බවට පළාත් 08 ක ප්‍රධාන ඇමතිවරුන් පසුගියදා ප්‍රකාශ කළ පසු ඔවුන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට ජනාධිපතිවරයා දැනුම්දීමෙන් අනතුරුව මෙම හමුව සංවිධානය කර තිබේ.