ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැඳුම්කර සිද්ධියට කොමිසමක් පත් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය දිය කර හැරීමට නොවන බව ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කියයි.
ජනාධිපති වරයාට සැර කතා සහ බාල කතා කීමට හැකි බවත් ඔහු සැර වුණා නම් ඒ සැරවුණු අය තවදුරටත් කල්පනා කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය..
ඇගේ තීන්ත හළාගෙන ඇත්තේ කවුදැයි යන්න හෙට අනිද්දා වනවිට දැනගන්නට ලැබෙන බවත් තමන්ගේ ඇගේ තීන්ත හැලි නැති බව ද ඇමතිවරයා සඳහන් කළේය.
බැදුම්කර සිදුවීමට වැරදිකරුවන් වන අයට දඬුවම් ලැබෙන බවත් අධිකරණය ලබාදෙන තීන්දුවක් ඕනෑම කෙනෙක් බාරගත යුතු බව ද ඔහු පැවැසීය.
ඊයේ (25දා) පස්වරුවේ ඇමැතිවරයා මෙම අදහස් අනුරාධපුර කලාවැව ට රුපියල් ලක්ෂ දහයක පමණ වටිනා මතස්‍ය පැටවුන් මුදා හැරීමේ අවස්ථාවට එක්වෙමිනි.