ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ නව සාගරික විද්‍යා පීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (28දා) පෙරවරුවේ සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනතුරුව ත්‍රිකුණාමලය පොදු වෙළද සංකීර්ණය වෙත ගොස් එහි නිරික්ෂණ චාරිකාවකද නිරත විය.
මිල ගණන් විමසමින් වෙළද මහතුන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා වෙළදපළ වෙත පැමිණ සිටී ප්‍රදේශවාසි ජනතාවගේද තොරතුරු විමසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරසරින් පිළිගත් එම ජනතාව එතුමා සමග සුහද කතා බහක නිරත වෙමින් ප්‍රදේශයේ අඩු පාඩු පිළිබදවද ජනපතිවරයා දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.