2008 වසරේ එවකට කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝගාතුර වූ ආනන්ද විතාන මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05) පස්වරුවේ පිළියන්දල ඒ මහතාගේ නිවසට ගියේය.
තම දීර්ඝකාලීන මිත්රයෙකුද වූ එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ආනන්ද විතාන මහතාගේ සුව දුක් විමසමින් ඔහුගේ ප්‍රතිකාර කටයුතු පිළිබද සොයා බැලු ජනාධිපතිතුමා පවුලේ ඥාතින් සමගද සුහද පිළිසදරක නිරත විය.
2008 වසරේ ඔක්තෝම්බර් 09 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් දැඩි රෝගාතුර තත්ත්වයේ පසුවූ ඒ මහතාගේ සුව දුක් සොයා බැලීමටත්, අවශ්‍ය පහසුකම් සපයාදීමටත් මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන් කටයුතු කර තිබේ.