සිරිපා මළුවට පොලීතීන් ගෙන යෑම හා ප්ලාස්ටික් ගෙන යෑම වැළැක්වීම සඳහා ජනාධිපති පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ හරහා එම ප්‍රාදේශ ආශ්‍රිතව පොලීතීන් ප්ලාස්ටික් බැහැර කිරීම 50%කින් අඩුවී ඇතැයි එම සංරක්ෂණ වැඩපිළිවෙළේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වෛද්‍ය උපාලි ඉන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
පාවහන් නොපැලඳ සිරිපා මළුව කරුණා කරනවා සේම, භක්තියෙන් සිරිපා මළුවට පොලීතීන්, ප්ලාස්ටික් රැගෙන නොයන ලෙසද ඒ මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
මෙම වැඩපිළිවෙළට තුළින් පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ ගෙවීගිය කාලයේදී පොලීතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම 50%කින් අඩුවී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.