එක්සත් ජාතීන්ගේ 69 වැනි සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාව බලා පිටත්ව ගොස් සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22දා) ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ළඟාවිය.
දේශගුණ විපර්යාස පිළිබඳව ජනපතිවරයාගේ දේශනය අද (23දා) සිදුකිරීම නියමිත අතර හෙට (24දා) ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ 69වැනි සැසිය ඇමතීමට නියමිතය.