ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් අද (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ ක්ෂේත්රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, තිලක් මාරපන, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශ මාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : සුදත් සිල්වා )