ජනපති ගුවන් හමුදා ජලක්‍රීඩා සංකීර්ණය විවෘත කරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අලුතින් ඉදිකරන ලද ජලක්‍රීඩා සංකීර්ණය ඊයේ (09දා) සන්ධ්‍යාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරේදී විවෘතකෙරිණි.
මෙම පිහිනුම් තටාකය දිගින් මී. 50 ක් හා පළලින් මී. 25 ක් වන අතර, එහි නොගැඹුරු අන්තය මී. 1.4 ක් සහ ගැඹුරු අන්තය මීටර් 5.2 කි. ඊට අමතරව මංතීරු 10කින් සමන්විත මෙම තටාකය සුගතදාස ක්‍රීඩාංගණයේ තටාකයට වඩා මී.03 ක පළලින් හා මංතීරු 02 ක විශාලත්වයකින් යුක්ත වේ.
මෙය පිහිනුම් ක්‍රීඩා ඉසව් රැසක් පුහුණුවීම් සඳහා භාවිත කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇත. ඊට අමතරව තහනම් උත්තේජක පරීක්ෂා කිරීම සඳහා විශේෂ මැදිරි, ක්‍රීඩකයන්ට රැඳී සිටිය හැකි කාමර පහසුකම්, ප්‍රථමාධාර කටයුතු හා පුවත්පත් සාකච්ජාපැවැත්විය හැකි දේශනශාලාවලින් සහ එකවර පේ්රක්ෂකයන් 1000කට පමණ රැඳී සිටිය හැකි ප්රේක්ෂකාගාර පහසුකම්වලින් සමන්විත වෙයි.
මෙහි සියලුම ඉදිකිරීම් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකර තිබේ.
.jpg)
ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

