ලෝකයේ රටවල් 10කට ආසන්න රාජ්‍ය නායකයන්ට පමණක් පිරිනමා ඇති ගෞරවනීය කලුපටි 9 වැනි ශ්‍රේණිය නම් ගෞරව සම්මානයක් ලෝක ටයි කොන්ඩෝ සම්මේලනය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමා තිබේ.
2015 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ තෑගි ප්රදානෝත්සවය අද (23දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී මෙම සම්මානය ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබේ.