ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පිළිබඳව මහත් කනගාටුවක් ඇතිවන බවත්, එම ප්‍රකාශය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතළ අවාසියක් සිදුවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14දා) රාත්‍රියේ දඹුල්ලේ සිය නිවසේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා,
"මම මේ ප්‍රකාශය කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරයා හැටියටවත්, ඇමතිවරයෙකු හැටියටවත් නොවෙයි. පිරිසුදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු හැටියට. අද අපේ අතිගරු ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිතුමා කියපු කතාව අහපුවාම මට මහත් කනගාටුවක් ඇති වුණා. මං එතුමාට හුඟක් ආදරය කරන ගෞරව කරන මනුෂ්‍යයෙක්. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂසභාපතිවරයා හැටියට අපි අද ඉදිරිපත් වෙලා තියෙන මැතිවරණ වකවානුවේ එවැනි ප්‍රකාශයක් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතළ අවාසියක් සිදුවන බවයි මගේ පෞද්ගලික අදහස.