මාලදිවයිනේ පනස් වැනි ජාතික නිදහස් උළලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන ඉරිදා(27) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය. සිය දෙදින නිල සංචාරය තුළදී මාලදිවයින ජනාධිපතිවරයා සමග නිල හමුවකට ද මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.