ජනපති ඉරාන ආධ්‍යාත්මික නායක හමුවෙයි
ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, ඊයේ (13දා) පස්වරුවේ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ටෙහෙරාන් නුවරදී හමුවිය.
එහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හෘදයාංගම ලෙස පිළිගනු ලැබීය.
ඒ අනුව දෙරෙටේ සබඳතා ශක්තිමත් කරගනිමින් සහෝදර රාජ්‍යයන් ලෙස ඉදිරියට යාමේ හැකියාව පෙන්වා දුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා, දෙරට අතර අත්සන් තැබුණු නව අවබෝධතා ගිවිසුම් සකි‍්‍රයව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
ඉරානයේ තාක්ෂණික දියුණුවද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය සඳහා එම අත්දැකීම් හිමිවනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද ඊයේ (13දා) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවිය.
විද්වතුන්, වෘත්තියවේදීන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටී අතර, ඔවුන් ඉතා ගෞරවයෙන් යුතුව ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


