රාජතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12දා) එරටට ළඟා වීමට නියමිතය.
ඉන්දියාව වෙත පසුගිය 10දා පැමිණි ජනාධිපතිවරයා, ඊයේ (11දා) ආරම්භ වූ ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උලෙළට සහභාගී විය.
ඉන්දීය සංචාරයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව නවදිල්ලි නුවරදී පැවැත්වුණු අතර, එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයකටද ජනාධිපතිවරයා සහභාගි විය.
එමෙන්ම, පසුගිය 10දා ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් මහතාවද රාෂ්ට්‍රපති භවන් හිදී හමුවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ලබන 17දා නිමාව දකියි.