ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන 28 දා සිට 30 දා දක්වා දකුණු කොරියාවේ සංචාරයකට එක්වෙන බව විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනය කරයි. මෙම සංචාරය ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් ස්ථාපනය කිරීමෙහි40 වැනි සංවත්සරයට සමගාමීව සිදුවන්නකි.
දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතාගේ ආරාධනාවක් අනුව නපතිවරයාගේ මෙම සංචාරය පැවැත්වෙයි.
මෙම සංචාරය අතරතුර, රජයන් දෙක අතර ආර්ථික සහයෝගීතාව, ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල හා සංස්කෘතික සහයෝගීතාව හා සම්බන්ධ ගිවිසුම් කිහිපයකට මෙන් ම ආයෝජන සහායෝගීතාව හා රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.