ජනතාවත් සමග අරගලය ඉදිරියටම කරගෙන යනවා
මුතුන්මිත්තන්ගේ ඉඩම්, කිසිම හේතුවක් මත විකුණීමට නොදෙන බවත් එම අරගලය දිගින් දිගටම ගෙනයන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද(08) දිනයේ මුහුණු පොත ( Face book) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ සංවාඳයකට එක්වෙමිනි.
එහිදී ඇසු ප්රශ්නය සහ පිළිතුර පහත පරිදිවේ
ප්රශ්නය - හම්බන්තොට ජනතාවගේ නිජබිම් හා ගොවිබිම් චීනයට විකිණීමට එරෙහිව සිදු කරන අරගලයෙ අලුත්ම තත්ත්වය කෙසේද ? මේ අරගලයත් එක උද්ඝෝෂණයක් පමණක් වේවීද ?නැතිනම් පාලකයන් විකීණීමේ අදහස අත් හැර ගන්නා තුරු සටන් කරනවද ?
පිළිතුර - මෙය චීනයට හෝ සංවර්ධනයට විරුද්ධ සටනක් නොවේ. අපේ දේශපාලන දර්ශනය තුළ ජනතාවගේ සම්පත් පිටරටකට තබා පෞද්ගලික ආයතනයකට විකිණීමටවත් එකඟ වෙන්නේ නෑ. අපේ මුතුන්මිත්තන්ගේ ඉඩම්, කිසිම හේතුවක් මත විකුණන්න දෙන්නේ නෑ. අපි ඒ අරගලය ජනතාවත් සමග ඉදිරියටම කරගෙන යනවා.
රට විකිණීම හෝ රට අරාජිකත්වයට පත්කිරීම නවතාලිය හැක්කේත් ජනතාවට පමණයි. අපි එකතුවෙලා ගොඩනැගිය යුත්තේ දැවැන්ත ජනතා බලයක්. රට තුළ සිද්ධවෙන මහාපරිමාණ දුෂණ සහ වංචා තවදුරටත් රහසක් නෙමෙයි. ආර්ථිකය ඉතා අකාර්යක්ෂම ලෙස කලමනාකාරණය කරනවාට අමතරව දැන් රාජ්‍ය දේපල සහ පාරම්පරික ඉඩම්නුත් පිටරටට විකුණන්න පටන් අරන්. අපි ඊයේ හම්බන්තොටින් පටන්ගත්ත අරගලය, ජනතාවත් සමග ඉදිරියටම කරගෙන යනවා. යැයි පිළිතුරු ලබාදුණි.
නමුත් මෙම සජීවී සංවාදයේදී ෆේස්බුක් සාමාජිකයින් රැසක් එකම ප්රශ්නය විමසීමක් හේතුවෙන් මෙම සංවාදය අතරමග නවතා දැමීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

