නව සංවර්ධන වැඩපිළිවෙළ සමග එක්වෙමින් ජනතාවට වඩාත් සුහදශීලී සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට කැපවන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.
රාජ්‍ය බැංකු සහ රක්ෂණ ක්ෂේත්රයේ නියෝජිතයන් සමග පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡවකදී ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත.
සංවර්ධන වැඩපිළිවෙළ සමග ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යමින් පවතින බවත්, බැංකු සමග ගනුදෙනු කිරිමේදී අපසුතා රැසකටම මුහුණපාන බව ගමේ සුළු ව්‍යාපාරිකයන් තමා වෙත පැමිණිලි කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
2015 අයවැය සැකසීම සඳහා රාජ්‍ය බැංකු සහ රක්ෂණ ක්ෂේත්රය නියෝජනය කරන්නන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් මෙම හමුව පැවැත්වී ඇත.