පරම්පරා ගණනාවකට හම්බ කරන දූෂිත දේශපාලනඥයන් වෙනුවට රටට, ජනතාවට ආදරය කරන අවංක පිරිසිදු දේශපාලනඥයන් පිරිසක් එළඹෙන අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයේදී තෝරාපත්කර ගැනීමට ජනතාව සූදානමින් සිටිනවායැයි ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. කිරිඳිවැල විලේජ් හෝටලයේදී පසුගියදා පැවති දොම්පේ ආසනයේ එජාප පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.
"පසුගිය සන්ධාන රජයේ පාර්ලිමේන්තුවේ සිටි සමහර මන්ත්‍රීවරුන් ගැන ජනතාව හොඳින් දන්නවා. දේශපාලන කඩතුරාවට මුවා වී කුඩු, එතනෝල්, ඇතුළු විවිධ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසක් පසුගිය පාර්ලිමේන්තුවේ සිටියා. ඔවුන් මේ රටේ ජනතාව, අනාගත පරපුර ගැන සිතුවේ නැහැ. මැතිවරණයට වියදම් කළ මුදල් කුමන හෝ මාර්ගයකින් උපයා ගැනීමට ඔවුන්ගේ අරමුණ වුණා.
දේශපාලනයෙන් ව්‍යාපාර කරන පිරිසක් රටට අවශ්‍ය නැහැ. එදා මේ රටේ නායකයන් තම පෞද්ගලික දේපොළ විකුණා දේශපාලනය කළා. තම ආදායම් අසරණ ජනතාවට පරිත්‍යාග කළා. තමන්ට වඩා රට ගැන සිතා කටයුතු කළා. මේ රටේ දියුණු කිරීමට නම් ඒ වගේ අවංක මහත්මා දේශපාලඥයන් රටට අවශ්‍යයයි.
දින 100 යහපාලන රජය මගින් ඉන්ධන, ගෑස් මිල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩුකර ජනතාවගේ ජීවන වියදම් අඩුකිරීමට පියවර ගත්තා. සමෘද්ධි ආධාර, මහපොළ ශිෂ්‍යත්වය දෙගුණ කළා.
නමුත් ජනාතාවගේ ප්‍රශ්නවලට කල්පවත්නා විසඳුමක් ලබාදීමට එම කාලය ප්‍රමාණවත් නැහැ. ඒ නිසයි අපි ඉල්ලා සිටින්නේ එළඹෙන අගෝස්තු 17 දා ශක්තිමත් එජාප රජයක් පිහිටුවීමට ජනතාවට බුද්ධිමත් තීරණයක් ගන්නා මෙන් ඉල්ලා සිටිනවා"
කිරිඳිවැල විශේෂ වාර්තාකරු උපාලි රණවීර