ජනතා විමුක්ති පෙරමුණද සිය ආසන ප්‍රමාණය පළාත් සභා දෙක තුළදීම ඉහළ නංවාගෙන තිබේ. 2009 වසරේදී ඔවුන්ට දකුණු පළාත් සභාවෙන් හිමිවූයේ ආසන 3 කි. නමුත් 2014 වසරේදී එය ආසන 5ක් දක්වා වර්ධනය කරගෙන තිබේ. 2009 වසරේදී බස්නාහිර පළාත් සභාවෙන් ජනතා විමුක්ති පෙරමුණට හිමි වූයේ ආසන තුනකි. ඔවුන්ට මේ වසරේදී ආසන 06 ක් හිමිව තිබේ. පළාත් සභා දෙක තුළම ඔවුන් ආසන 05 කින් වැඩි කරගෙන තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ බස්නාහිර ආසන සංඛ්‍යාවේ වෙනසක් නොමැත. 2009 දී හා 2014 දී ඔවුන්ට ආසන දෙකක් හිමිව ඇත. ප්රජාතන්ත්රවාදී එක්සත් ජනතා සන්ධානයට 2009 වසරේදී බස්නාහිරින් එක් ආසනයක් හිමිව තිබූ අතර, 2014 දී ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණට බස්නාහිරින් ආසන දෙකක් හිමිව තිබේ.