ජනගහනයෙන් සියයට 15කට දියවැඩියාව
1992 වසරේදී අවුරුදු 18 ට වැඩි ජනතාවගෙන් සියයට දෙකයි දශම පහකට දියවැඩියාව වැළඳී තිබු බවත් එය දැන් සියයට පහළොව දක්වා වැඩි වී ඇති බවට අනුමාන කරන බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දියවැඩියා හා හෝමෝන පිලිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා කියයි.
අක්මීමන රාජ්‍ය සහ පළාත් පාලන විශ්‍රාමික සංගමය සංවිධානය කළ දියවැඩියා සායනයේ ප්‍රධාන දේශනය පවත්වමින් වෛද්යමනිල්ක සුමනතිලක මහතා මේ බව අනාවරණය කළේය.
බටදුව රතනජෝති මහා විද්‍යාලයේදී පැවති සායනයේදී වැඩිදුරටත් කතාකළ වෛද්යම නිල්ක සුමනතිලක මහතා මෙසේද කිය.
"දියවැඩියාවට ප්‍රධාන හේතුවක් තමයි වැරදි ආහාර පුරුදු. එළවළු වඩා වැඩියෙන් ආහාරයට ගන්න ඕනෑ. පැණිරස, පිෂ්ඨ අධික ආහාර සිමා කරන්න ඕනෑ. දියවැඩියාව නිට්ටාවට සුවකරන්න පුළුවන් බෙහෙතක් තවම හොයාගෙන නැහැ. සමහරු භාවනා කරලා දියවැඩියාව පාලනය කරගෙන තියෙනවා. නමුත් එය විද්‍යානුකුලව ඔප්පුවෙලා නැහැ"
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

