'දේශගුණ විපර්යාසවල බලපෑමෙන් දූපත් රාජ්‍යයන් රැකගනිමු' (Small Island and Climate Change) යන තේමාව යටතේ මෙවර ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේදී පැවැත්වීමට නියමිතය.
පරිසර දිනයට සමගාමීව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතන ඒකරාශී වී අද (05දා) සිට ජූනි 17 දක්වා පරිසර සතියක්ද ක්‍රියාත්මක කෙරේ. මේ අතර පරිසර දිනය වෙනුවෙන් කොළඹ නගරය තුළ අද (05දා) උදෑසන 8.30 සිට පැය දෙකක කාලයක් නළා හැඬවීම තහනම් කිරිමට කොළඹ මහනගර මභාව තීරණය කළේය.