ජනවරම අමතක කරමින් වර්තමාන ආණ්ඩුව ගමනක් යන නිසා රට තුළ සිදුකළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ 20 ක් පිළිබඳව කෙටුම්පතක් ජනාධිපති සහ අගමැතිවරයාට භාරදීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කර තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම, පක්ෂ මාරු කිරීම තහනම් කිරීම, අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 කට සීමාකිරීම, ළමයින්ගේ සහ කාන්තාවන්ගේ රැකවරණය පිළිබඳව, කෘෂි අස්වැන්නට නියමිත මිලක් ලබාදීම, කලාකරුවන්ගේ ගරුත්වය ආරක්ෂාකර ගැනීම, තොරතුරු දැනගැනීමේ අයිතිය, ස්වාභාවික සම්පත් රැකගැනීම ඇතුළු යෝජනා 20 ක් එයට ඇතුළත් වී ඇත.