අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූපගතකිරීමේ සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවටපත් ඉන්දීය ජාතික තරුණයා අද (05දා) ඇප මත මුදාහැරි බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
වයස අවුරුදු 36 ක් වන මෙම තරුණයා රැකියා වීසා මත මෙරට රැඳී සිටින පුද්ගලයෙකු බවට තහවුරු වීඇතැයිද පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව එම ඉන්දීය ජාතික තරුණයා වත්තල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත්, සැකකටයුතු කිසිදු ක්රියාවක් ඔහු විසින් සිදුනොකර ඇති බවටත් පොලිස් පරීක්ෂණවලින් තහවුරු වීමෙන් අනතුරුව අද දින ඔහුට ඇප ලබාදුන් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.