ජනපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථිර මාර්ග බාධක 420ක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එසේම ක්ෂණික මාර්ග බාධක හා ජංගම පොලිස් සංචාර 2884ක් දිවයින ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මැතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 5000ක් හා පොලීසියේ 66100ක් යොදා ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.