ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවති දා රාත්‍රියේ අරලිය මැදුරේ සිදුකළ බව කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබාගැනීමට ජාතික විධායක සභාව අද(20දා) තීරණය කර තිබේ.
එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ඊට අදාළ පරීක්ෂණ සිදුකළ යුතු බවටද ජාතික විධායක සභාව එකඟත්වයකට පැමිණි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.