මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලංකා ගමනාගමන මණ්ඩල සේවකින් යෙදවීම වහාම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්ට සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිට නියෝග කර තිබේ.
රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය දේපළ අවභාවිතය මැතිවරණ නීතිය යටතේත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධි විධාන හා රජයේ පාලන රෙගුලාසි යටතේත් නීති විරෝධී හා දඬුවම් ලැබිය හැකි වරදක් බවද හෙතෙම පෙන්වාදී තිබේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට කළ පැමිණිල්ලක් අනුව මෙම තීරණය ගෙන ඇත.